Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2020 13:09:29 Hours

මහ කොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාලයන්හී ආරක්‍ෂක උපදේශකවරුන් පිරිසක් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙති

රුසියාව, එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, පකිස්තානය, බංගලාදේශය සහ මාලදිවයින යන රටවල්හී කොළඹ පිහිටි මහ කොමසාරිස් කාර්යාල සහ තානාපති කාර්යාලයන්හී ආරක්‍ෂක උපදේශකවරුන් පිරිසක් පසුගිය ඉරිදා (13) දින යාපනය ප්‍රදේශයේ සිදුකරනු ලැබූ සංචාරයක් අතරතුර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර හමුවී සුහඳ සාකච්ඡාවක නිරත වූහ. මෙහිදී, යාපනය අර්ධද්වීපයේ ආරක්‍ෂක අංශ විසින් කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ කටයුතු වල නිරතවීම, පොදු ආරක්‍ෂක කරුණු මෙන්ම යුද්ධ හමුදාව හා සිවිල් වැසියන් අතර පවතින අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය කරගැනීම සබැඳි කරුණු රැසක් පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබූහ.

මෙහිදී, මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර සිය අදහස් දක්වමින් නව කොවිඩ් - 19 වෛරස් ආසාදිතයන් හඳුනාගැනීම, ආරක්‍ෂක විධිවිධාන, ප්‍රජා ව්‍යාපෘති, පොදු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා දායකත්වය සැපයීම, සිවිල් ප්‍රජාව හා යුද්ධ හමුදාව අතර පවතින අන්‍යෝන්‍ය සහයෝගිතාවය වර්ධනය කරගැනීම, ජාතිය ගොඩනැගීමේ කාර්යභාරය යනාදී කරුණු පිළිබඳ ප්‍රකාශ කළ අතර, එහිදී දිළිඳු පවුල් සඳහා නිවාස ඉදිකිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

මෙම සුහද හමුව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. Sportswear Design | First Look: Nike PG 5 PlayStation 5 White Pink Black BQ6472-500 Release Date - SBD