Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2020 10:00:03 Hours

නව උසස්වීම් ලද කාලතුවක්කු රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත එම රෙජිමේන්තුවේ ගෞරවාචාරය

මේජර් ජෙනරල් නිලයට උසස්වීම් ලද ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තුවේ මේජර් ජෙනරල් සුමිත් ප්‍රේමලාල් සහ මේජර් ජෙනරල් ටිකිරි දිසානායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ සඳහා ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් 2020 දෙසැම්බර් මස 14 දින පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.  

එම රෙජිමේන්තු පරිශ්‍රය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයක් පිරිනමමින් රෙජිමේන්තු පරිශ්‍රය වෙත පිළිගැනීමෙන් අනතුරුව රෙජිමේන්තු භටපිරිස් විසින් සම්මාන මුරයේ ගෞරවාචාරය ද ඔවුන් දෙපළ වෙත පුදකරන ලදී. ඉන් අනතුරුව, නව මේජර් ජෙනරාල්වරුන් කාලතුවක්කු රෙජිමේන්තුවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ හමු වූ අතර එහිදී, සියළු නිලයින් වෙනුවෙන් එතුමන් විසින් නව මේජර් ජෙනරල්වරුන් වෙත සුභපැතුම් එක් කළේය.

ඉන් අනතුරුව, එම අවස්ථාවට සහභාගී වූ සියලු නිලධාරින් නව උසස්වීම් ලැබූ මේජර් ජෙනරල්වරුන් දෙපළ සමඟින් සමූහ ඡායාරූපයකට පෙනි සිටියහ. මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් 6 වන ශ්‍රී ලංකා කාලතුවක්කු රෙජිමේන්තු පරිශ්‍රයේදී දිවා භෝජන සංග්‍රහයක් පැවැත්විණි.  

මෙම උත්සවයේදී, සිය භටපිරිස් අමතමින් අතීත අත්දැකීම් පිළිබඳ සිහිපත් කළ නව මේජර් ජෙනරල්වරුන් වත්මන් සාර්ථකත්වයට මඟ පෑදූ සියලුම නිලධාරින් සහ සෙසු නිලයින් වෙත ඔවුන්ගේ කෘතඥතාවය පළ කළහ. Running Sneakers | New Releases Nike