Header

Sri Lanka Army

Defender of the Nation

16th December 2020 11:02:03 Hours

පසුගිය පැය 24 තුළ පූර්ණ සුවය ලැබූ තවත් 558 දෙනෙකු නිවෙස් කරා යොමුකළ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (16) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 643 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් අතරින් පුද්ගලයින් 19 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර තවත් පුද්ගලයින් 02 දෙනෙකු විදේශිය පුද්ගලයින් ලෙස හඳුනාගෙන ඇත. ඉතිරි පුද්ගලයින් 622 දෙනා දේශියව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර, ඒ ආසාදිතයින් 309 ක් වශයෙනි. ඊට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 119 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 104 ක් ලෙස වාර්තා වේ. අනෙක් ආසාදිතයින් 90 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්ක වලින් වාර්තා වේ.

අද (16) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 30,455 ක් වේ. ඉන් පුද්ගලයින් 21,459 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (15) දින වනවිට, ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 34,120 ක් වාර්තා වන අතර ඉන් පුද්ගලයින් 24,866 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (15) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 9,100 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (16) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල්වලින් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 558 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (16) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී කිසිදු පුද්ගලයෙකු මියගොස් නොමැත.

අද (16) දින උදෑසන UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට පුද්ගලයින් 36 දෙනෙක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 93 දෙනෙක් සහ UL 226 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 52 දෙනෙක් මෙරටට පැමිණ ඇති අතර තවදුරටත් අද (16) දිනය තුලදී, UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 48 දෙනෙක්, UL 190 දරණ මගී ගුවන් යානය මගින් බංගලාදේශයේ සිට පුද්ගලයින් 42 දෙනෙක්, UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 46 දෙනෙක්, UL 303 දරණ මගී ගුවන් යානය මගින් සිංගප්පූරුවේ සිට පුද්ගලයින් 07 දෙනෙක්, UL 102 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයිනේ සිට එක් පුද්ගලයෙක් සහ UL 881 දරණ මගී ගුවන් යානය මගින් චීනයේ සිට පුද්ගලයින් 04 දෙනෙක් මෙරටට පැමිණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (16) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 79 ක් තුළ පුද්ගලයින් 7,901 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (15) දිනය තුල PCR පරික්‍ෂණ 9,606 ක් සිදුකර ඇත. url clone | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ