Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2020 13:20:37 Hours

24 වන ශ්‍රී ලංකා සිංහ රෙජමේන්තුවේ භටපිරිස් ‘ළදනි’ ළමා නිවාසයේ ළමුන්ට දිවා ආහාර වේලක් ලබාදෙයි

සිලාවතුර දකුණ ප්‍රදේශයේ පිහිටා ඇති ‘ළදනි’ ළමා නිවාසයේ නේවාසිකව සිටින ළමුන් වෙනුවෙන් දිවා ආහාර වේලක් ලබාදීමට 59 වන සේනාංකයේ ස්ථාපිත 591 වන බලසේනාව යටතේ ඇති 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලු නිලයන් කටයුතු කළහ.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ගේ උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ළමාහේවා ගේ මඟපෙන්වීම යටතේ මුලතිව් භටපිරිස්හි සහයෝගය ඇතිව 591 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් සුජීව පෙරේරා විසින් එම කලාපය තුල ජනවාර්ගික සමගිය සහ සංහිඳියාව පිළිබඳ ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දියත් කරනු ලැබීය. Adidas shoes | Air Jordan Sneakers