Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2020 10:20:04 Hours

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව රෙජිමේන්තු අධිපති සිය බලප්‍රදේශයේ සංචාරයක

ශ්‍රී ලංකා පාබල හමුදාවේ නව බලසේනාධිපති මේජර් ජෙනරල් වසන්ත ආබෘෘ පසුගිය සිකුරාදා (04) දින සහ සෙනසුරාදා (05) දෙදින තුළ, 4 වන සහ 5 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරුවල සහ 10, 19, 20 සහ 17 යන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයන්හී සංචාරයක නිරත විය.

මෙම සංචාරයන් අතරතුර, එම ඒකකවල අණදෙන නිලධාරීන් විසින් නව රෙජිමේන්තු අධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව, ඒකක අණදෙන නිලධාරින් විසින් එම ඒකකයන්හී කාර්යභාර්ය පිළිබඳව නව රෙජිමේන්තු අධිපතිතුමන් දැනුවත් කළහ.

පසුව, භටපිරිස් ආමන්ත්‍රණය කළ රෙජිමේන්තු අධිපතිතුමන් රාජකාරි ඉටුකිරීමේදී විනයානුකූලව සහ වෘත්තීමය හමුදාවක සාමාජිකයින් ලෙස ඉතා උසස් අයුරින් එම කටයුතු කරන ලෙසට ඔවුන් වෙත උපදෙස් ලබාදුන්නේය.

මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ට නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ. jordan release date | Air Jordan