Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2020 13:23:12 Hours

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ට හමුදා ගෞරවාචාර

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම යාමට නියමිත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චූල අබේනායක සිය ධුරයෙන් නික්මයාම වෙනුවෙන් සංවිධානය කළ හමුදා සම්ප්‍රදායානුකූල සමුගැනීමේ උත්සවය ඉකුත් සඳුදා (07) දින පනාගොඩ පිහිටි එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.

එහිදී, ගැමුණු හේවා බලකා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වෙත පිරිනැමිණි. එම සමුගැනීමේ උත්සව අවස්ථාව සඳහා, 14 සහ 61 යන සේනාංකයන්හී සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, මාණ්ඩලික නිලධාරීන්, සේනාවිධායකවරුන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

අවසන් වරට බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ භටපිරිස් ඇමතූ නික්ම යන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් සිය ධුර කාලය තුළදී තමා වෙත ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලුදෙනාට ස්තූතිය පුද කළේය. එතුමන්ගේ සමුගැනීමේ උත්සවය සනිටුහන් කරමින් සියලු නිල තේපැන් සංග්‍රහයක් ද පනාගොඩ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පවත්වනු ලැබීය. Running sport media | Sneakers Nike