Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2020 13:29:11 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වර්ණ රාත්‍රියේදී ක්‍රීඩා ජයග්‍රාහකයින්ට සම්මාන පිරිනැමේ

පසුගිය වසර කිහිපය තුළ යුද්ධ හමුදාවට සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායට ගෞරවයක් හා කීර්තියක් අත්කරදුන් එම රෙජිමේන්තුවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පැසසූමට ලක් කිරීමේ ‘වර්ණ රාත්‍රිය’ (Colours Night 2020) ඉකුත් බ්‍රහස්පතින්දා (04) දින පනාගොඩ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධාක, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා කමිටු සභාපති මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී එම ක්‍රීඩකයින් ඇගයූමට ලක් කරමින් විශේෂ සම්මාන ප්‍රදානය කෙරිණි.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා වර්ණ රාත්‍රියේ ආරම්භ සනිටුහන් කරමින් ඉංජිනේරු රෙජිමේන්තු රෙජිමේන්තු ගීතය ගායනා කරන ලද අතර, එහිදි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ ජයග්‍රාහකයින් පිළිබඳ වූ වීඩියෝ පටයක් ද ප්‍රදර්ශනය කළේය.

ඉන් අනතුරුව යුද්ධ හමුදා සහ ත්‍රිවිධ හමුදා මෙන්ම ජාතික මට්ටමේ තරඟ ඉසව්වල විශිෂ්ට දක්‍ෂතා දැක්වූවන් සඳහා වර්ණ ප්‍රධානය කිරීම සඳහා එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ත්‍රිවිධ හමුදා මූලස්ථාන ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ අතිරේක අධ්‍යක්ෂ මේජර් ජෙනරල් කුමා පීරිස් සහ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් නිහාල් අමරසේකර වෙත ආරාධනා කරන ලදී.

වර්ණ රාත්‍රිය තවත් වර්ණවත් කරමින් ප්‍රධාන ආරධිත අමුත්තා ලෙස සපැමිණි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන ක්‍රීඩාව වෙනුවෙන් ඉංජිනේරු සේවා බලකාය දැක්වූ දායකත්වය අගය කළ අතර ක්‍රීඩාව හමුදා ජීවිතයේ අනිවාර්ය අංගයක් බැවින් අනාගතයේ දී ද එය පවත්වා ගෙන යාමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

මෙම සම්මාන ප්‍රදානෝත්සවයේදී, වොලිබෝල්, බිලියඩ්, මල්ලවපොර, ජිම්නාස්ටික්, ඔරු පැදීම, ජූඩෝ, කඹ ඇදීම, කායවර්ධන, කබඩි, බොක්සිං සහ පිහිණුම් යන ක්‍රීඩා ඉසව්වන්හි ජයග්‍රාහකයින්ට සම්මාන ප්‍රදානය කෙරිණි. මෙම උත්සව අවස්ථාව සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනූකූලව පවත්වනු ලැබීය.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධයක බ්‍රිගේඩියර් මංගල මායාදුන්න විසින් මෙම අවස්ථාව සඳහා සපැමිණි සම්භාවනීය අමුත්තන් වෙනුවෙන් ස්තූතී කතාව සිදුකළ අතර, එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ. bridge media | Shop: Nike