Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2020 13:18:17 Hours

652 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් උදය හේරත් පසුගිය සිකුරාදා (04) දින ඉරුගල්, නන්දිකඩාල් හී පිහිටි එම මූලස්ථාන පරිශ්‍රයේදී සිය රාජකාරි කටයුතු භාරගත්තේය.

අභිනවයෙන් රාජකාරි ඇරඹූ 652 වන බලසේනාවේ බලසේනාධිපති එම බලසේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 10 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ.

මෙම තනතුරේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් උදය හේරත් 544 වන බලසේනාවේ බලසේනාධිපති වශයෙන් රාජකාරි ඉටු කළේය.

මෙහිදී, සියලුනිල තේ පැන් සංග්‍රහයක් වෙනුවෙන් එක් වූ බලසේනාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. ඉන් අනතුරුව, එතුමන් එම බලසේනාවේ නිලධාරින් සහ සෙසු නිලයින් ආමන්ත්‍රණය කළ අතර, එම අවස්ථාව සඳහා අණදෙන නිලධාරින් සහ බලසේනාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් ද සහභාගී වූහ.

මීට ප්‍රථම මෙම ධුරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් අනිල් පෙරේරා 532 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් උදය හේරත් මෙම ධුරයේ රාජකාරි ආරම්භ කළේය. best Running shoes brand | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ