Header

Sri Lanka Army

Defender of the Nation

08th December 2020 10:26:55 Hours

ගත වූ පැය 24 තුළ PCR පරීක්‍ෂණ 13,831 ක් සිදුකර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (08) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 703 දෙනෙකු හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් සියලුදෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්ථා වන අතර ඒ ආසාදිතයින් 371 ක් වශයෙනි. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 102 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64 ක් ලෙස වාර්ථා වේ.

අද (08) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑළියගොඩ මත්ස්‍ය වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 25,021 ක් වේ. ඉන් පුද්ගලයින් 17,396 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (07) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව 28,579 ක් වන අතර ඉන් පුද්ගලයින් 20,803 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (07) දින වනවිට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල තුළ පුද්ගලයින් 7,634 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (08) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් වලින් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 344 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (08) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 02 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ සහ කොළඹ 13 යන ප්‍රදේශ වල පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (08) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාවේ කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 142 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (08) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 40 දෙනෙක්, UL 202 දරණ මගී ගුවන් යානය මගින් බහරේන් සිට පුද්ගලයින් 288 දෙනෙක් සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් කටාර් සිට පුද්ගලයින් 104 දෙනෙක් මෙරටට පැමිණ ඇත. තවද, අද (08) දින මධ්‍යහනේදී EY 264 දරණ මගී ගුවන් යානය මගින් අබුඩාබි සිට පුද්ගලයින් 54 දෙනෙක්, UL 1208 දරණ මගී ගුවන් යානය මගින් ඉතාලියේ සිට පුද්ගලයින් 34 දෙනෙක්, UL 504 දරණ මගී ගුවන් යානය මගින් එක්සත් රාජධානියේ සිට පුද්ගලයින් 56 දෙනෙක් සහ UL 196 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 28 දෙනෙකු මෙරටට පැමි‍ණීමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (08) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 64 ක් තුළ පුද්ගලයින් 6,878 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (07) දිනය තුල PCR පරික්‍ෂණ 13,831 ක් සිදුකර ඇත. Sport media | Jordan Ανδρικά • Summer SALE έως -50%