Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2020 12:38:11 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමට පියවර ගනී

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා මන්නාරම 54 වන සේනාංක බලප්‍රදේශයේ සංචාරයක නිරතවෙමින් අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්‍ෂණය කළේය.

අයහපත් කාළගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පවුල් 700 කට වැඩි පිරිසක් ආරක්‍ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇති අතර, තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තුරු එම පිරිස සිතිවිනගර් විද්‍යාලය, පල්ලමුනෙයි ශාන්ත ලුසියා විද්‍යාලය, ශාන්තිපුරම් දෙවස්ථානය සහ එලුතුර් මදර් තෙරේසා පාසලෙහි ඉදිකළ තාවකාලික අවතැන් කඳවුරු තුළ අවශ්‍ය පහසුකම් සපයා ඇත.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හානියට පත්වූ ප්‍රදේශ නීරීක්‍ෂණය කරමින් විපතට පත් වූ ජනතාවට අවශ්‍ය නවාතැන් පහසුකම් සහ වෙනත් අවශ්‍යතා පරීක්ෂා කළේය.

මෙම සංචාරය සඳහා 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර, 543 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනුරුද්ධ සෙනවිරත්න ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 54 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම ඒකක අණදෙන නිලධාරීන් ද සහභාගි වූහ. best Running shoes brand | Nike