Header

Sri Lanka Army

Defender of the Nation

07th December 2020 13:04:17 Hours

අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වූ මහජනතාවට 52 වන සේනාංකයේ භටපිරිස් විසින් පිසු ආහාර පාර්සල් ලබාදෙති

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 521 වන බලසේනාව යටතේ පාලනය වන 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2020 දෙසැම්බර් මස 03 දින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් විපතට පත් වැල්වැටිතුටිරේ ප්‍රදේශයේ පදිංචි ජනතාව වෙනුවෙන් පිසු ආහාර පාර්සල් තොගයක් බෙදාදුන්නේය.

මෙම වැඩසටහන යාපනය ආරක්‍ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ අධීක්‍ෂණය යටතේ පැවත් වූ අතර, එම අවස්ථාව සඳහා යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ද සහභාගී විය.

තවද, මෙම අවස්ථාව සඳහා 521 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් මහේන් සල්වතුර, 11 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ගීත් මූණගමගේ ඇතුලු නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ. Running sneakers | Air Jordan