Header

Sri Lanka Army

Defender of the Nation

30th November 2020 14:18:26 Hours

61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය බලප්‍රදේශයේ සංචාරයක

61 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සංජය වනසිංහ පසුගිය ඉරිදා (29) දින කෑගල්ල ප්‍රදේශයේ පිහිටි 611 බලසේනා මූලස්ථානයේ සහ ඒ යටතේ ස්ථාපිත ඒකක වෙත නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර, එතුමන් රඹුක්කන පිහිටි කොවිඩ් - 19 වෛරස් ආසාදිත පුද්ගලයින් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා ස්ථාපිත කළ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ අනෙකුත් බලඇණියන් තුළ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථාන පරික්‍ෂාවට ලක් කළේය. ඉන් අනතුරුව, එතුමන් 611 වන බලසේනා මූළස්ථානය සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සංචාරය කරමින් එම කඳවුරුවල සේවයේ නියුතු භටපිරිස් ඇමතීය.

61 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ මෙම සංචාරය සඳහා එම සේනාංකයේ සහ 611 වන බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වූහ. Best Authentic Sneakers | Entrainement Nike