Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2020 11:42:02 Hours

යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් සහන මලු තොගයක් මෝදර ප්‍රදේශයේ දී බෙදාහැරේ

‘මෙල්වා‘ සමුහ ව‍්‍යාපාරය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමඟ සම්බන්ධතාවයෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් 1000 ක් කොළඹ 15 මෝදර ප්‍රදේශයේ පන්සල් වත්ත, මෝදරවේල්ල, මෝදර වේල්ල වත්ත, හංස මාවත සහ පල්ලිය පාර යන ප්‍රදේශයන්හි ස්වයං නිරෝධායනයට ලක්ව සිටින පවුල් අතර ඉකුත් බදාදා (15) දින බෙදාදෙන ලදී.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා සිදුකරනු ලබන අඛණ්ඩ මෙහෙවර අගය කරමින් මෙල්වා සමුහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ කර්නල් (විශ්‍රාමික) මහින්ද රත්න තෙන්නකොන් මහතාගේ පරිත්‍යාගශිලිත්වයෙන් ලබාදුන් පෝෂණ මලු 14 වන සේනාංකයේ සේනාංකාධිපති රන්ජන් ලමාහේවා ගේ අධීක්‍ෂණය යටතේ එම ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර බෙදාහැරීම සඳහා මෙම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය අඩංගු පාර්සල් තොගය 142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු වෙත භාරදුන්හ.

මෙලෙස බෙදාදුන් සලාක පාර්සලයක් රුපියල් 1800/= ක වටිනාකමින් යුත් අතර එහි සහල් කිලෝග්‍රෑම් 5 ක්, ළූණු, අර්තාපල්, පරිප්පු, කිරිපිටි, නුඩ්ල්ස්, සෝයා, ටින් මාළු, සීනි සහ කුළුබඩු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් අඩංගු විය.

මෙම සලාක පාර්සල් බෙදාදීමේ අවස්ථාවට 14 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඊ.එම්.එම්.එස්.කේ ඒකනායක ඇතුළු එම ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සමගින් මෝදර පොලිස් ස්ථානයේ සාමාජිකයින් සහ ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් ද එක්වූහ. Sports Shoes | Air Jordan