Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2020 16:44:08 Hours

57 වන සේනාංකයේ සේනාංකාධිපති සිය බලප්‍රදේශයේ ‍නිල සංචාරයක

57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත් යාපා ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින පරන්තන් පිහිටි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඒකකයෙහි සංචාරයක නිරත විය.

එම ඒකකය වෙත සපැමිණි සේනාංකාධිපතිතුමන් ප්‍රධාන දොරටුව අභියසදී 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එල්. ජී. ඈපා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිළිගන්වනු ලැබීය.

ඉන් අනතුරුව සේනාංකාධිපතිතුමන් එම කඳවුරු පරිශ්‍රයේ සංචාරයක නිරත වෙමින් එහි අවශ්‍යතාවයන් නිරික්‍ෂණය කල අතර, එහිදි 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරීතුමන් විසින් බලඇණියේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ විස්තර කළේය.

පසුව, භටපිරිස් ඇමතු එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් සිටුවමින්, සියලුනිල තේ පැන් සංග්‍රයකට සහභාගී වූහ.

දැඩි සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම වේදයන්ට අනුකූලව පැවැති මෙම සංචාරය සඳහා බලඇණියේ නිලධාරීන් සහ සෙසුනිලයන් රැසක් එක්ව සිටියහ. latest Running | Nike Off-White