Header

Sri Lanka Army

Defender of the Nation

25th November 2020 10:14:05 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නව කර්නල් සේනාවිධායක මින්නේරිය කාලතුවක්කු හමුදා මුලස්ථාන පරිශ්‍රයේ සංචාරයක

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නව කර්නල් සේනාවිධායක මෙන්ම කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ නොවැම්බර් මස 22 සහ 23 දිනයන්හි මින්නේරිය ප්‍රදේශයේ පිහිටි කාලතුවක්කු හමුදා පරිශ්‍රයේ සංචාරයක නිරත විය.

මින්නේරිය කාලතුවක්කු හමුදා පුහුණු පාසල් පරිශ්‍රය වෙත සපැමිණි නව කර්නල් සේනාවිධායකතුමන්, පුහුණු පාසලේ සේනාවිධායක විසිත් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය. ඉන් අනතුරුව කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති විසින් පිළිගැනීමේ කතාව සිදු කළ අතර, පුහුණු පාසලේ පුහුණු කටයුතු සහ පරිපාලනමය කරුණු පිළිබඳව එම පුහුණු පාසලේ සේනාවිධායක විසින් කර්නල් සේනාවිධායකතුමන් දැනුවත් කළේය.

පසුව 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අණදෙන නිලධාරි සහ ‘ගනර්ස් ක්ලබ්’ (Gunners' Club) භාර නිලධාරී විසින් අදාළ ක්‍ෂේත්‍රයන් පිළිබඳ කෙටි විස්තරයක් සිදුකරමින් මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ දැනුවත් කරන ලදී.

අනතුරුව භටපිරිස් ඇමතු කර්නල් සේනාවිධායක තුමන් සිය අනාගත දැක්ම පිළිබඳ භටපිරිස් දැනුවත් කරමින් වෘත්තිය දිවිය තුලදී පුහුණුවීමේ ඇති වැදගත්කම සහ විනය ඉහළ මට්ටමකින් පවත්වාගෙන යැමේ වැදගත්කම පිළිබඳ කරුණු අවධාරණය කළේය.

මෙම සංචාරය අතරතුර එතුමන් කාලතුවක්කු පුහුණු පාසල, කාලතුවක්කු බලසේනා මූලස්ථානය, 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු බලකාය සහ කාලතුවක්කු විදුලි යාන්ත්‍රික හා ඉංජිනේරු බලඇණියේ ඉදිකිරීම් හා ප්‍රතිසංස්කරණ කටයුතුවල ප්‍රගතිය පිළිබද නිරික්‍ෂණය කළේය. එහිදී, නිලධාරීන්ගේ සහ සෙසුනිලයන්ගේ නවාතැන් පහසුකම් වලට අදාළ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැදගත්කම පිළිබඳව ද එතුමන් විශේෂ අවධානයක් කළේය.

මෙම පුහුණු පාසලේ ස්ථාපිත ඇන්ඩ්‍රොයිඩ් තාක්‍ෂණය භාවිතා කරන කාලතුවක්කු හමුදා කුඩා වෙඩිපිටිය ද එතුමන් නිරීක්‍ෂණය කළේය. තවද, කාලතුවක්කු හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණය, පාපන්දු, ස්කොෂ් පිටිය සහ ටෙනිස් පිටිය ප්‍රතිසංස්කරණය කිරීමට එතුමන් උපදෙස් ලබාදුන්නේය. මෙම දෙදින සංචාරය කාලතුවක්කු හමුදා පුහුණු පාසලේ සියලුම නිලධාරීන් සමගින් පැවැති සංග්‍රහයකින් නිමාවට පත්විය. buy shoes | nike air force 1 shadow , eBay