Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2020 10:15:37 Hours

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක

ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති බ්‍රිගේඩියර් වන්දිත මාහින්කන්ද සිය අණසක යටතේ ස්ථාපිත බළඇණි වල සිදුකරන සංචාරයන් අතරින් තවත් සංචාරයක් ඉකුත් සඳුදා (23) දින කන්කසන්තුරේ, මයිලඩි ප්‍රදේශයේ පිහිටි 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත විය.

එම ඒකකය වෙත සැපමිණි ඉදිරි නඩත්තු පෙදෙස - නැගෙනහිර ආඥාපතිතුමන්, 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.ආර්.පී. පෙරේරා විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පිරිනැමීය.

ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ එතුමන් භටපිරිස් සමගින් ද සුහදව අදහස් හුවමාරු කරගත්තේය.

දැඩි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් මෙම සංචාරය සිදුකළහ. Nike air jordan Sneakers | adidas Campus 80s South Park Towelie - GZ9177