Header

Sri Lanka Army

Defender of the Nation

26th November 2020 07:22:08 Hours

රටටම ආශිර්වාද එක් කරමින් නිදහස් චතුරස්‍රයේදී පැවැත්වෙන විශේෂ පිරිත් සඡ්ඣායනාවේ පළමු සතිය අවසන්

කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ පළමු සතිය ඉකුත් අඟහරුවාදා (24) දින අවසන් විය.

මෙම පිරිත් සඡ්ඣායනාවේ පළමු සතිය අවසානයේ හමාර පිරිත දේශනා කරන අවස්ථාවේ සඳහා ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන, අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර සහ එම මැතිණිය, රාජ්‍ය නිලධාරීන් සමඟින් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, මෙම පිරිත් සජ්ඣායනාව පැවැත්වීම සඳහා අනුග්‍රහකත්වය දැක්වූ LOLC සමුහ ව්‍යාපාරයේ ප්‍රධානි ඉෂාර නානායක්කාර මහතා සහ එම මැතිණිය, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන, විධායක ජෙනරල් මේජර් ජෙනරල් සේන වඩුගේ ඇතුළු වැඩමවා වදාළ නායක හිමිවරුන් ඇතුළු ගරුතර මහ සංඝරත්නය සහ සම්භාවනීය ආරාධිත අමුත්තන් විශාල පිරිසක් එක්ව සිටියහ.

අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව, ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න ගේ අධීක්‍ෂණය යටතේ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟපෙන්වීම මත බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම ආරාම විහාරස්ථානයේ වත්මන් විහාරධිපති පූජ්‍ය පහලවිටියල ජනනන්ධාභිදාන හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් ශ්‍රී ලංකා හමුදාව විසින් සංවිධානය කරන ලද ‘පිරිත්’ සංජ්ඣායනාව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවයන් රැසකගේ සහයෝගය ඇතිව ඔක්තෝම්බර් මස 18 වන දින ආරම්භ කෙරිණි.

අඛණ්ඩව පුරා දින 21 ක් පැවැත්වෙන මෙම පරිත් සජ්ඣායනාවේ පළමු සතිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සංවිධානය කළ අතර, අද (25) දින ආරම්භ වූ දෙවන සතිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ සම්බන්ධීකරණයෙන් පවත්වනු ලබයි. මෙම පිරිත් සඡ්ඣායනාවේ අවසන් සතිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලබයි.

මෙම පිරිත් සඡ්ඣායනාව අවසානයේ කොවිඩ්-19 වෛරසයෙන් පිඩාවට පත් රටේ මහජනතාවට සෙත්පතා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් ලබාදෙනු ලබන පිරිත් පැන් බෝතල් ලක්‍ෂයට ආශිර්වාද එක් කර බෙදාහරිනු ලබයි. මීට අමතරව, බුද්ධ ප්‍රතිමා 700 ක් දිවයින පුරා විහාරස්ථාන අතර බෙදා හැරීමට ද නියමිතය. Best Nike Sneakers | Nike Shoes