Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2020 11:00:05 Hours

තවත් විදෙස් ගත වී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් දිවයිනට පැමිණි බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (25) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 458 දෙනෙකු හඳුනාගෙන ඇත. ඔවුන් සියලුදෙනා දේශියව හදුනාගත් පුද්ගලයින්ය. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 259 ක්, කලුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 78 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 23 ක් ලෙස වාර්තා වේ.

අද (25) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 17,432 ක් වේ. ඒ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරෙන් ආසාදිතයින් 3,059ක් සහ පෑලියගොඩ මාළු වෙළඳපලේ පොකුරෙන් ආසාදිතයින් 14,373 ක් වශයෙනි. ඉන් පුද්ගලයින් 11,156 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (24) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 20,965 ක් වන අතර ඉන් පුද්ගලයින් 14,961 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (24) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,910 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

අද (25) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 465 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (25) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් ගිනිගත්හේන‍්, සියඹලාපේ දකුණ, කොළඹ 15 සහ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (25) දින උදෑසන වනවිට ‍ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (25) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 02 ක්, UL 226දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 50 ක්, UL 1042 දරණ මගී ගුවන් යානය මගින් ඉන්දියාවේ සිට පුද්ගලයින් 92 ක් සහ UL 104 දරණ මගී ගුවන් යානය මගින් මාලදිවයින සිට පුද්ගලයින් 53 ක් මෙරටට පැමි‍ණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (25) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 45 ක් තුළ පුද්ගලයින් 4,797 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (24) දිනය තුල PCR පරික්‍ෂණ 7,467 ක් සිදුකර ඇත. Sportswear Design | シューズ