Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2020 10:26:37 Hours

532 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරී අරඹයි

වවුනියාව, වේලන්කුලම් ප්‍රදේශයේ ස්ථාපිත 532 වන බලසේනාවේ නව බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් අනිල් පෙරේරා ඉකුත් සිකුරාදා (20) දින ආගමික වතාවත්වලට මුල්තැනක් දෙමින් රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

එලෙස රාජකාරී ආරම්භ කල බලසේනාධිපතිතුමන් බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමීය. ඉන් පසුව, නව බලසේනාධිපතිතුමන් නිල ලේඛණයකට අත්සන් තබමින් එම ධූරයේ රාජකාරී කටයුතු භාරගනු ලැබීය. එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

මෙම අවස්ථාවට සමගාමීව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ නව බලසේනාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතීය. මෙම අවස්ථාවට අණදෙන නිලධාරීන් සහ බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් එක්ව සිටියහ.

මීට ප්‍රථම, 532 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරී කළ කර්නල් සමන් සෙනාරත්න විදේශීය පාඨමාලාවක් සඳහා සහභාගි වීමත් සමඟ බ්‍රිගේඩියර් අනිල් පෙරේරා එම ධුරයට පත්විය.

නව ධූරයේ රාජකාරී භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් අනිල් පෙරේරා මාන්කුලම් පිහිටි 651 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස කටයුතු කළේය. Nike shoes | 『アディダス』に分類された記事一覧