Header

Sri Lanka Army

Defender of the Nation

24th November 2020 09:26:37 Hours

7 වන ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේ හරිතාගාරයක් ඉදිකෙරේ

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයට අයත් 571 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථාපිත 7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් බෝගවල අස්වැන්න වැඩි කරගැනිමට තාපය විමෝචනය වීම අවම කර නවීන තාක්‍ෂණික සංකල්ප අනුගමනය කරමින් නව හරිතාගාරයක් කඳවුරු පරිශ්‍රයේ ඉදිකරන ලදී. ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ගේ උපදෙස් මත මෙම හරිතාගාරය ඉදිකෙරිණි.

7 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ටී.කේ.පී.එම්. ඩයස් විසින් මෙම හරිතාගාරයට මුල්ගල තැබු අතර ඉකුත් සෙනසුරාදා (21) දින ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජයනාත් ජයවීර ගේ සුරතින් එය විවෘත කරනු ලැබීය. එම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අනුර දිසානායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු එක්ව සිටියහ.

ඒකකයේ නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ සුභසාධන කටයුතු ඉහළ ප්‍රමිතියකින් යුතුව පවත්වාගැනීමත් ඔවුන් සිය නිවෙස්වල මෙවැනි හරිතාගාර ඉදිකිරීම සඳහා පෙළඹවීමත් එ හරහා විශ්‍රාම දිවිය අර්ථවත්ව පවත්වාගෙන යාම වෙනුවෙන් ඔවුන් දිරිමත් කිරීමත් මෙවැනි හරිතාගාරයක් ඉදිකිරීමේ පරමාර්ථය විය.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වූ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපතිතුමන් හරිතාගාරය විවෘත කිරීමෙන් පසුව එය නිරික්‍ෂණය කර මෙම ව්‍යාපෘතියේ සාර්ථකත්වය උදෙසා කටයුතු කළ අණදෙන නිලධාරීතුමන් ඇතුළු සියලුම නිලධාරීන් සහ සෙසුනිලයින්ගේ කැපවීම අගය කළේය. Mysneakers | THE SNEAKER BULLETIN