Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2020 07:00:29 Hours

වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 327 ක් හඳුනාගත් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 327 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ දේශියව පුද්ගලයින් 325 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි විදේශීය මුහුදු ආරක්‍ෂකයින් 02 දෙනෙකු වශයෙනි. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ ආසාදිතයින් 157 ක් ලෙසිනි. ඉතිරි පිරිස ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 111 ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 06 ක් වශයෙන් වාර්තා වේ.

අද (19) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 14,889 ක් වේ. එම පුද්ගලයින් අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරට සම්බන්ධ පුද්ගලයින් 3,059 ක් සහ පෑලියගොඩ මාළු වෙළඳපලේ පොකුරට සම්බන්ධ පුද්ගලයින් 11,830 ක් ලෙස වාර්තා වේ. ඉන් පුද්ගලයින් 9,162 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

ඊයේ (18) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,401 ක් වන අතර ඉන් පුද්ගලයින් 12,586 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (18) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,746 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (19) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පුද්ගලයින් 377 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (19) දින උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාවෙන් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 03 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් කොළඹ 12, කොළඹ 13 සහ කඳාන ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව, අද (19) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 69 ක් දක්වා ඉහළ ගොස් ඇත.

අද (19) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

අද (19) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 39 දෙනෙකු දිවයිනට පැමිණ ඇති අතර WY 731 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 30 දෙනෙකු සහ UL 184 දරණ මගී ගුවන් යානය මගින් පාකිස්තානයේ සිට පුද්ගලයින් 13 දෙනෙකු මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (19) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3,419 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (18) දිනය තුල PCR පරික්‍ෂණ 11,105 ක් සිදුකර ඇත. bridge media | Air Jordan Release Dates 2020