Header

Sri Lanka Army

Defender of the Nation

20th November 2020 13:04:28 Hours

රටටම ආශිර්වාද එක් කරමින් දින 21 ක විශේෂ පිරිත් සඡ්ඣායනාව නිදහස් චතුරස්‍රයේදී ඇරඹේ

කොවිඩ් -19 වෛරසය දිවයිනෙන් තුරන් කරමින් රටට ආශිර්වාද එක් කිරීමේ අරමුණින් අඛණ්ඩව සති 3 ක් පුරා පවත්වනු ලබන ‘පිරිත්’ සඡ්ඣායනාවේ සමාරම්භක උත්සවය අද (18) දින සන්ධ්‍යාවේ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී ආරම්භ කරන ලද එම අවස්ථාවට අතිගරු ජනාධිපතිතුමන්, ජනාධිපති ආර්යාව, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග හා එම මැතිණිය, ආරක්‍ෂක ලේකම් හා එම මැතිණිය, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සහ වැඩබලන පොලිස්පති, LOLC ​සමුහ ව්‍යාපාරයේ ප්‍රධානි ඉෂාර නානායක්කාර හා එම මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් සහභාගි වූහ.

බෞද්ධාලෝක මාවතේ පිහිටි ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම ආරාම විහාරස්ථානයේ වත්මන් විහාරධිපති පූජ්‍ය පහලවිටියල ජනනන්ධාභිදාන හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් යුතුව ත්‍රිවිධ හමුදා සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ අනෙකුත් පාර්ශවයන් රැසකගේ සහයෝගය ඇතිව ආරම්භ කළ මෙම ආගමික වැඩසටහන දින 21 පුරා අඛණ්ඩව පැවැත්වේ. මෙම පිරිත් සඡ්ඣායනාව අතිගරු ජනාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ අධීක්‍ෂණය යටතේ සංවිධානය කරන ලදී.

මෙහිදී කොවිඩ්-19 වෛරසයෙන් පිඩාවට පත් රටේ මහජනතාවට සෙත්පතා යුද්ධ හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලිසිය විසින් ලබාදෙනු ලබන පිරිත් පැන් බෝතල් ලක්‍ෂයකට ආශිර්වාද එක් කරනු ලැබේ. මීට අමතරව, බුද්ධ ප්‍රතිමා 700 ක් දිවයින පුරා විහාරස්ථාන අතර බෙදා හැරීමට ද නියමිතය.

නිදහස් චතුරස්‍රයේ ස්ථාපිත පිරිත් මණ්ඩපයට වැඩමකර වදාළ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගත් අතිගරු ජනාධිපතිතුමන්, පුරාණ සම්ප්‍රදායානුකූලව දැහැත්වට්ටිය පිළිගන්වා පිරිත් සජ්ඣායනය කිරීම සඳහා මහාසංඝරත්නය වෙත ආරාධනා කරන ලදී. මෙම අවස්ථාව වෙනුවෙන් වැඩමවා වදාළ මහා සංඝරත්නය සිදුකළ අනුශාසනාවේදී දිවයින පුරා සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින කොවිඩ්-19 වෛරසයෙන් රටත් රටේ මහජනතාවත් ආරක්‍ෂා කරදීම උදෙසා මෙම පිරිත් සඡ්ඣායනාව හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් සියලුදෙනාට ආශිර්වාද එක් කළහ. latest Running | nike air force 1 shadow , eBay