Header

Sri Lanka Army

Defender of the Nation

18th November 2020 09:25:29 Hours

යුද්ධ හමුදාධිපතිතුමන් අධිකාරියට පත්ව තිස්පස් වසරක් සපීරේ

වසර 37 කට පෙරතුව, එනම් වර්ෂ 1984 මාර්තු මස 5 වන දින එඩිතර තරුණයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්වු වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 19 යටතේ පුරා මාස 18 කට අධික කාලයක් සාර්ථකව පුහුණුව හදාරා වර්ෂ 1985 අදවන් දිනක (නොවැම්බර් මස 16) දෙවන ලුතිනන් නිලයට අධිකාරියට පත්විය. එලෙස අධිකාරියට පත්වීමෙන් අනතුරුව (නිලධාරීයෙකු ලෙස) ගජබා රෙජිමේන්තුවට එක්වූයේ එම රෙජිමේන්තුවට එක්වූ පළමු නිලධාරීයා බවට පත්වෙමිනි.

පසුව, 1 වන ගජබා රෙජිමේන්තුවට ඇතුළත් කළ එතුමන් එවකට එහි අණදෙන නිලධාරිතුමන් විසින් වත්මන් යුද්ධ හමුදාධිපතිතුමන්ව එහි විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) කණ්ඩායම් භාර නිලධාරීයෙක් ලෙස සේවය කිරීමට අවස්ථාව යොමුකළ අතර පසුව එම කණ්ඩායම ක්‍ෂණික විහිදුම් බලකායක් (Rapid Deployment Force) ලෙස හඳුන්වනු ලැබීය. එය වර්තමානයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විශේෂ බලකාය (SF) ලෙසින් හඳුන්වනු ලැබේ.

යුද්ධ හමුදාධිපතිතුමන් තම වසර 37 ක කීර්තිමත් සේවා කාලය තුළ මාණ්ඩලික, උපදේශක, අණදීම් සහ රාජ්‍යතාන්ත්‍රික තනතුරු රැසක් හොබවා ඇති අතර, යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරල් සහ විධායක ජෙනරල් තනතුර හෙබවු එතුමන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි තනතුර ද හෙබවිය.

ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ මාණ්ඩලික විද්‍යාල උපාධිය ලබාගත් පළමු යුද්ධ හමුදා නිලධාරීයා වූ එතුමන් වර්ෂ 2019 අගෝස්තු 18 දින සිට වත්මන් යුද්ධ හමුදාධිපති ලෙස රාජකාරි ඇරඹීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරී අතරින් පදක්කම් විශාල ප්‍රමාණයක් හිමිකරගත් නිලධරීයෙකු වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරීයෙකු වෙනුවෙන් පිරිනමනු ලබන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ප්‍රථම වතාවට හිමිකරගත් පළමු දෙවන ලුතිතන්වරයා වශයෙන් ද යුද්ධ හමුදා ඉතිහාසයෙහි සුවිශේෂි නාමයක් සනිටුහන් කරගත් එඩිතර නිළධාරියෙකු වේ. එසේම, එතුමන්ගේ නොකැලැල් යුද්ධ හමුදා සේවය වෙනුවෙන් විශිෂ්ඨ සේවා විභුෂණ පදක්කම සහ උත්තම සේවා පදක්කමින් පිදුම් ලැබීය.

සුවිශේෂී මානුෂීය ගුණාංග සහිත පුද්ගලයෙකු වන එතුමන් මේ අවස්ථාවේදී සිය යුද්ධ හමුදා දිවියේ සුවිශේෂි සන්ධිස්ථානයක් සනිටුහන් කරනුයේ රටේ ඒකීයභාවය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් තම ජිවිතය කැප කළ සහෝදර නිලධාරීන්ට උපහාර දක්වමින් ඔවුන්ව සිහිපත් කරමිනි. කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 19 යටතේ පුහුණුව ලබා අධිකාරීයට පත්ව යුදබිම වෙනුවෙන් ජීවිතය කැප කළ තම සහෝදර නිලධාරීන් වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් සිය ගෞරවාචාරය ද මේ අවස්ථාවේ පුදකර සිටියි.

එහිදී, වර්ෂ 1986 කිලිනොච්චිය ප්‍රදේශයේදී දෙමසක් පුරා පැවැති ක්‍රියාන්විතයේදී ත්‍රස්වාදි ප්‍රහාරයකට ලක්ව සිය අවසන් සුසුම්පොද වාතලයට මුසුකල ගජබා රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් අනුර මල්ලවආරච්චි,වර්ෂ 1990 දී දෙවන ඊලාම් යුද්ධය අතරතුර අම්පාර ප්‍රදේශයේදී ජිවිතය කැප කළ ගැමුණු හේවා බලඇණියේ මේජර් විපුල අලවතුගොඩ, වර්ෂ 1996 දී ක්‍රියාත්මක කල ‘රිවිරැස’ මෙහෙයුම අතරතුර යාපනයේදී ත්‍රස්තවාදී ප්‍රහාරයකට ලක්ව ජිවිතක්‍ෂයට පත්වූ ගැමුණු හේවා බලඇණියේ ලුතිනන් කර්නල් සුමිත් පෙරේරා, වර්ෂ 1998 දී ක්‍රියාත්මක කළ ‘ජයසිකුරු’ මෙහෙයුම අතරතුරමාන්කුලම් ප්‍රදේශයේදී සිය ජිවිතය කැප කළ ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලුතිනන් කර්නල් චන්දිම ගුණරත්න සහ එම මෙහෙයුමේදී බරපතල තුවාල ලබා වර්ෂ 2019 දී මෙලොවින් සමුගත් බ්‍රිගේඩියර් සරත් ඇඹවටත් මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සිය ගෞරවාචාරය පුදකරනු ලබන්නේ ඔවුන් සිය ජිවිතය කැප කරනු ලැබුවේ කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක - 19 යටතේ තම සමඟ යුද්ධ හමුදාවට බැදී දේශය වෙනුවෙන් ජිවිතය කැපකළ විරෝදාර රණවිරුවන් බවට සිහිපත් කරමිනි.

කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ අනෙකුත් නිලධාරීන් අතර යුද ප්‍රවීණයෙකු ලෙස සුවිශේෂි චරිතයක් වශයෙන් ගෞරවාදරයට පාත්‍ර වූ එතුමන් 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්වීම අනපේක්ෂිත සිදුවීමක් නොවේ. කෙඩෙට් නිලධාරියෙකු ලෙස ලබාගත හැකි ඉතා දුර්ලභ අවස්ථාවක් වන වර්ණධජ ඝණ ඛණ්ඩයෙහි සාමාජිකයෙකු වීමේ භාග්‍යයද හිමිකර ගත් එතුමන් දැක්වු කුසලතාවන්, නායකත්ව ලක්‍ෂණ සහ අනෙකුත් විශේෂතා හදුනාගැනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණු පාඨමාලාව අතරතුර කෙඩෙට් කෝප්‍රල්වරයෙකු ලෙසද උසස්වීම් ලැබීය. එතුමන් ක්‍රීඩාවට ඇති දැඩි ඇල්ම පෙන්වමින් යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ක්‍රිකට් කණ්ඩායවේ දක්‍ෂතම ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්විය. තවද, සිය කණ්ඩායමට ජයග‍්‍රහණය අත්කරදුන් එතුමන් යුද අභ්‍යාසවල දස්කම් දැක්වීය. එතුමන්ගේ වෘත්තීය ජීවිතයේ සනිටුහන් කරනු ලැබු මෙම සුවිශේෂි සන්ධිස්ථානයේදී, එතුමන් ජාතිය වෙනුවෙන් සිදුකරනු ලබන අප්‍රතිහත කැපවීමට එතුමන්ගේ කෙඩෙට් නිලධාරී පාඨමාලාවේ අනෙකුත් සහෝදර නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් සුබපැතුම් එක් කරයි ! latest Nike release | Nike Air Jordan XXX Basketball Shoes/Sneakers 811006-101 Worldarchitecturefestival