Header

Sri Lanka Army

Defender of the Nation

14th November 2020 08:55:05 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් හමුවෙයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා නොවැම්බර් මස 13 වන දින වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුරදී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් හමුවී ප්‍රදේශයේ සාමය සහ ආරක්‍ෂාව පවත්වාගැනීම, වවුනියාව ප්‍රදේශයේ සිවිල් හමුදා සම්බන්ධීකරණ කටයුතු ප්‍රවර්ධනය කිරීම යන කරුණු පිළිබදව අදහස් හුවමාරු කරගත්හ.

මෙම සංචාරයට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරී ද එක්විය. Running sport media | Air Jordan Release Dates 2020