Header

Sri Lanka Army

Defender of the Nation

15th November 2020 09:00:48 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ එළිමහන් වොලිබෝල් ක්‍රිඩාංගණය විවෘත කෙරේ

කුරුණෑගල, බෝයගනේ ස්ථාපිත විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ අභිනවයෙන් ඉදිකළ එළමහන් වොලිබෝල් ක්‍රිඩාංගණය එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය ගේ සුරතින් ඉකුත් සෙනසුරාදා (07) දින විවෘත කෙරිණි.

දිවා රාත්‍රි දෙකෙහිම ක්‍රීඩා කිරීම සඳහා ආලෝකය සහිතව ඉහළ ප්‍රමිතීන්ට අනුකූලව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යයන් ඔප්නැංවීමේ අරමුණින් දීර්ඝකාලින අවශ්‍යතාවයක්ව පැවැති නව වොලිබෝල් පිටියකෙටි කාලයක් තුළ ඉදිකිරිම් කටයුතු සිදුකරන ලදී. නව වොලිබෝල් පිටිය විවෘත කිරීම සනිටුහන් කරමින් කණ්ඩායම් දෙකක් අතර ප්‍රදර්ශන වොලිබෝල් තරඟයක් ද එහිදි පැවැත්විණි. විජයබාහු පාබල රෙජිමේන්තුවේ වොලිබෝල් සංචිතය වර්ෂ 1999 දී පිහිටුවන ලදි.

විජයබාහු පාබල රෙජිමේන්තුවොලිබෝල් කණ්ඩායම් දක්‍ෂතා පිරික්‍ෂිමේදීවර්ෂ 2011 සහ 2016 දී ‘ඒ’ අංශයේ යුද්ධ හමුදා ශූරතාවය දිනාගත් අතර වර්ෂ2003 දී ‘බී’ අංශයේ ශූරයන් ලෙස තේරීපත්විය. වර්ෂ 2008 දී ‘ඒ’ අංශයේ, වර්ෂ 2001 දී ‘බී’ අංශය, වර්ෂ 2018 දී සුපර් ලීග් සහ වර්ෂ 2014හි2018 දී ආධුනික අංශයේ අනුශූරතාවය දිනාගත්හ. ඔවුන්ගේ දක්‍ෂතා හේතුවෙන් විජයබහු පාබල රෙජිමේන්තුවේක්‍රීඩකයින්6 දෙනෙකු මේ වනවිට යුද්ධ හමුදා වොලිබෝල් සංචිතය නියෝජනය කරති.

මෙම අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ  නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. buy shoes | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp