Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2020 21:33:36 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ මතකයන් සිහිපත් කරයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ 69 වන සංවත්සරයට සමගාමීව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් අනුස්මරණය කිරීමේ උත්සවයක් ඉකුත් අඟහරුවාදා (10) දින එම රෙජිමේන්තු මුලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.

මෙම රණවිරු සැමරුම් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධන සහභාගි වූහ. රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි කර්නල් සේනාවිධායකතුමන් වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව රණවිරු ස්මාරකය අභියසට පැමිණි කර්නල් සේනාවිධායතුමන් ජාතික ගීය, යුද්ධ හමුදා ගීතය සහ ඉංජිනේරු බලකා ගීතය ගායනා කිරීමෙන් අනතුරුව සැමරුම් උත්සවය ආරම්භ කරමින් ස්මාරකයේ සදාකාලික පහන දැල්විය.

ආගමික වතාවත්වලින් අනතුරුව රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කළහ. පසුව මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාව ආරක්‍ෂා කරගැනීම සඳහා යුධ පිටියේ උත්තරීතර කැපකිරීම් සිදුකරමින් විරෝදාර රණවිරුවන් ගෞරවයක් ලක් කරමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායකතුමන් රණවිරු ස්මාරකය අභියස මල් කලඹක් තබා පුෂ්පෝපහාර පුද කළහ.

දිවිපිදු රණවිරුවන්ට උපහාර පිණිස ‘රණ බෙර’ වාදනය කරමින් මෙම අවස්ථාවට වර්ණවත් බවක් එක් කළ අතර හිරු නැගෙනා මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන්ගේ මතකයන් සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි. සෞඛ්‍යාරක්‍ෂක මාර්ගෝපදේශයන්ට මුල්තැනක් දෙමින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් මෙම අවස්ථාවට සහභාගි වූහ. best Running shoes | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp