Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2020 21:30:21 Hours

නුඳුරේදී විශ්‍රාම දිවියට පා තබන මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න වෙත සිය රෙජිමේන්තුවේ ගෞරවාචාර

යුද්ධ හමුදාව වෙනුවෙන් විශිෂ්ට සේවයක් ඉටුකරමින් විශ්‍රාම දිවියට පා තබන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න වෙනුවෙන් උපහාර පුදකිරීමේ උත්සවයක් ඉකුත් බදාදා (9) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේදී පැවැත්විය.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න වෙත ප්‍රධාන දොරටුව අභියසදී කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමිමෙන් අනතුරුව එතුමන්ව 62 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සමන්ත සිල්වා, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තාරක රත්නසේකර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුමිත් දේවප්‍රිය එක්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබිණි. පසුව එතුමන් වෙත එම රෙජිමේන්තු සරඹ භූමීයේදී හමුදා සම්ප්‍රදායානූකූල වර්ණවත් ආචාර පෙළපාලියේ ගෞරවාචාරයද පිරිනැමීය. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

එදින එතුමන්ගේ විශ්‍රාම ගැනීමේ අවස්ථාවට සනිටුහන් කරමින් සියලු නිල තේපැන් සංග්‍රහයක් පැවැති අතර, ඉන්පසු එතුමන් කඳවුරු පරිශ්‍රයේ පැලයක් රෝපණය කිරිමත් භටපිරිස් ඇමතීමත් සිදු කෙරිණි. එම රෙජිමේන්තුවේ භටපිරිස් එක්ව හමුදා සම්ප්‍රදායානූකූලව මාර්ගය දෙපස රැදි සිට නික්මයන ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් වෙත ඔවුන්ගේ ගෞරවාචාරය පුද් කළේය.

මෙදින උත්සවයේ අවසානය සනිටුහන් කරමින් මේජර් ජෙනරල් ප්‍රතාප් තිලකරත්න සහ පුමාලි තිලකරත්න මැතිණිය වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථාන නිලධාරී නිවස්නයේදී රාත්‍රි භෝජන සංග්‍රහයක් පැවැත්විණි. best Running shoes brand | Nike for Men