Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2020 21:33:01 Hours

22 වන විජයබාහු රෙජිමේන්තුවේ භටපිරිස් ‘තුරු මිතුරු නව රටක්‘ ව්‍යාපෘතියට සමගාමිව පුරන් කුඹුරු අස්වැද්දීම අරඹයි

222 වන බලසේනාවේ බලසේනාධිපතිගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ කන්තලේ සේරුවාවිල පිහිටි 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ යුද්ධ හමුදා සාමාජිකයන් විසින් සේරුවාවිල රජමහා විහාරස්ථානයට අයත් අක්කර දහයක පමණ පුරනව තිබු භූමියක් සකසා අස්වැද්දීම ඉකුත් බදාදා (11) දින සිදු කළේය.

සේරුවාවිල රජ මහා විහරස්ථානයේ විහාරාධිපති හිමිගේ ඉල්ලීමකට අනුව 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරීය ගේ උපදෙස් මත බිම් සකසා කුඹුරුයායේ වී වැපිරිමේ මංගල්‍ය 222 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් විරාජ් විමලසේන ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතිය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ‘තුරු මිතුරු - නව රටක්’ වැඩසටහනට සමගාමීව පවත්වනු ලැබු අතර, මෙම වැඩසටහන 22 වන විජබාහු පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එස්. රාමනායක, සෙරුවාවිල රජමහා විහාරස්ථානයේ විහාරාධිපති සහ ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් සහ ගම්වැසියන් ගේ සහභාගීත්වයෙන් පුරාණ ආගමික චාරිත්‍ර චාරිත්‍ර වලට මුල් තැන දෙමින් සිදු කෙරිණි.

වී වැපිරිමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් චන්න වීරසූරිය සහභාගී වූ අතර, එම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු ඇතුළු 22 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 22 වන සේනාංකයේ අණදෙන නිලධාරී එම අවස්ථාවට සහභාගී විය. Best jordan Sneakers | nike air max 95 obsidian university blue book list