Header

Sri Lanka Army

Defender of the Nation

13th November 2020 09:00:19 Hours

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (13) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 373 දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අතර, දේශියව පුද්ගලයින් 369 දෙනෙකු සහ විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් 04 දෙනෙකු ඇතුලත් බව වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් කොළඹ ප්‍රදේශයෙන් ආසාදිතයින් 271 ක්, ගම්පහ ප්‍රදේශයෙන් ආසාදිතයින් 46 ක් සහ කළුතර ප්‍රදේශයෙන් ආසාදිතයින් 12 ක් වාර්තා වේ.

අද (13) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ පෑලියගොඩ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 12,226 ක් වේ. එම පුද්ගලයින් අතරින් මීනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරට සම්බන්ධ පුද්ගලයින් 3106 ක් සහ පෑලියගොඩ මාළු වෙළඳපලේ පොකුරට සම්බන්ධ පුද්ගලයින් 9120 ක් ලෙස වාර්තා වේ.

ඊයේ (12) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 15,722 ක් වන අතර ඉන් පුද්ගලයින් 10,652 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (12) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,022 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබති.

අද (13) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 470 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් ඇත.

අද (13) දින උදෑසන වනවිට, කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 48 දෙනෙකු මියගොස් ඇති අතර පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 2 ක් මියගොස් ඇත. මෙලෙස මියගිය පුද්ගලයින් මීගොඩ සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වේ.

අද (13) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන පෙළ ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

අද (13) දින UL 455 දරණ මගී ගුවන් යානය මගින් ජපානයේ සිට පුද්ගලයින් 16 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

අද (13) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් නිරෝධායන කටයුතු අවසන් කර කිසිවෙකුත් නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව නැත. එසේම, අද (13) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 30 ක් තුළ පුද්ගලයින් 2,845 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටිති.

ඊයේ (12) දිනය තුලදී PCR පරික්‍ෂණ 10,111 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 637,122 ප්‍රමාණයක් සිදුකර ඇත. Authentic Nike Sneakers | Beyonce Ivy Park x adidas Sleek Super 72 ICY PARK White , Where To Buy , GX2769 , Ietp