Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 09:40:23 Hours

9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් පාසල් පරිශ්‍රයන් විෂබීජහරණය කරයි

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 68 වන සේනාංකයට අයත් 681 වන බලසේනා බලප්‍රදේශයේ පිහිටි 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (07) දින අපොස උසස් පෙළ විභාගය පැවැති උදයාරන්කට්ටු මහා විද්‍යාල පරිශ්‍රය විෂබිජහරණය කෙරිණි.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් ජගත් රත්නායක ලබාදුන් උපදෙස් මත 68 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් උපුල් රාජපක්‍ෂ ගේ අධික්‍ෂණය යටතේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිණි.

මෙම ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා පාසලේ සිසු සිසුවියන්, විදුහල්පතිතුමන්, ගුරුවරුන් සහ දෙමාපියන් භටපිරිස් සමඟ එක්වූහ.

681 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් නලින් හෙට්ටිආරච්චි ගේ මඟපෙන්වීම යටතේ ක්‍රියාත්මක කළ මෙම ශ්‍රමදාන වැඩසටහන සඳහා 9 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් පී.ඩි.එල්. අල්විස් එක්විය. Sportswear free shipping | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals