Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 10:03:28 Hours

සඳහිරු සෑය අභිමුව බුද්ධ මන්දිරයක් ඉදිකිරීමට මුල්ගල තබයි

අනුරාධපුර සඳහිරු සෑය අභිමුව බුද්ධ මන්දිරයක් ඉදිකිරීම සඳහා ඉකුත් සඳුදා (09) දින පැවැති සුබමොහොතින් මුල්ගල තැබීය. මෙම අවස්ථාවට මහාසංඝරත්නය, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.

නා උයන ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමිපාණන් ප්‍රමුඛ එම ආරණ්‍ය සේනාසනයේ ගිහි සාමාජිකයින්ගේ අනුග්‍රහය ඇතිව අභිනවයෙන් ඉදිකිරීමට යෝජිත බුද්ධ මන්දිරයට ආරක්‍ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න නියෝජනය කරමින් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා විසින් මුල්ගල තැබීය.

ත්‍රස්තවාදය පරාජය කර දේශය බේරාගත් සියලුම විරෝදාර රණවිරුවන්ගේ කැපකිරීම් වෙනුවෙන් උපහාරයක් ලෙස වර්ෂ 2015 දී ආරක්‍ෂක ලේකම් ධුරය හෙබවු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ගේ සංකල්පයකට අනුව ‘සඳහිරු සෑයේ’ ඉදිකිරීම කටයුතු ආරම්භ කෙරිණි.

මෙම අවස්ථාවට 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් විකුම් ලියනගේ, 212 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් අනිල් පීරිස්, 9 වන (ස්වේච්ඡා) ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරී ඇතුළු නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Running Sneakers Store | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ