Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 10:04:23 Hours

අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ප්‍රඥාරත්න බණ්ඩාර ගේ ගේ අවසන් කටයුතු පූර්ණ යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදු කෙරේ

අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් ප්‍රඥාරත්න බණ්ඩාර ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉකුත් බදාදා (11) දින සන්ධ්‍යාවේ පූර්ණ යුද්ධ හමුදා ගෞරවචාර මධ්‍යයේ පිළියන්දල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි. අසු හතර හැවිරිදි එතුමන් ඉකුත් සඳුදා (09) දින අභාවප්‍රාප්ත විය.

පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ පැවැති අවසන් කටයුතු සිදුකිරීම සඳහා බටහිර ආක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චුල අබේනායක, ගැමුණු හේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙක් සහභාගි වූහ.

ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් සේන වඩුගේ විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) ප්‍රකාශ කරන ලදී.

අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ දේහයට පාංශූකූලය දීමෙන් අනතුරුව ජාතික ධජයෙන් ආවරණය කළ මෘතදේහය තැන්පත් පෙට්ටිය හමුදා සම්ප්‍රදායානුකූලව කාතුගැල මත තැන්පත් කර යුද්ධ හමුදා සාමාජිකයින් පෙරටුකරගත් අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.

අභාවප්‍රාප්ත විශ්‍රාමික බ්‍රිගේඩියර් පරගනරත්න බණ්ඩාර වෙත ඉහළම ගෞරවාචාරය පුද කරමින් වෙඩි මුර 11 ක් ගුවනට මුසු කළහ. ඉන් අනතුරුව, හමුදා සම්ප්‍රදායානුකූලව අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන්ගේ සියලුම නිල ලාංඡන ඥාතීන් වෙත භාරදෙන ලදී. හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඬ මෙම අවස්ථාවේදි වාදනය කරන ලද අතර, අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන්ගේ අවසන් ගමන එම බියුගල් නාදයෙන් සංවේදජනක ලෙස සිහිපත් කරන ලදි.

අවමංගල්‍ය උත්සවයේ දී ප්‍රකාශයට පත්කල යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ; Buy Kicks | Air Jordan Release Dates 2020