Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 08:30:26 Hours

512 වන බලසේනාවේ භටපිරිස් වාර්ෂික ‘කඨින’ පිංකමට සහයෝගය දක්වති

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයට අයත් 512 වන බලසේනාවේ භටපිරිස් ඉකුත් සෙනසුරාදා (07) සහ ඉරිදා (08) දින පැවැති යාපනය ශ්‍රී නාග විහාරයේ වාර්ෂික ‘කඨීන චීවර’ පූජාවට සිය සහයෝගය ලබාදුන්හ.

යාපනය ශ්‍රී නාග විහාරයේ විහාරාධිපති මීගහජදුරේ සිරිවිමල හිමියන්ගේ අනුශාසකත්වයෙන් ‘කඨීන චීවරය’ 512 වන බලසේනා මුලස්ථානයේ සිට විහරස්ථානය දක්වා වර්ණවත් පෙරහැරකින් රැගෙන එන ලදී. ධර්ම දේශනය සහ පුද පූජා පැවැත්වීමෙන් පසුව උදෑසන හීල් දානය පිරිනමා වැඩමවා වදාළ මහා සංඝරත්නයට අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව මෙම මහඟු පූණ්‍යකර්මයේ කූටප්‍රාප්තිය සනිටුහන් විය.

චාරිත්‍රනුකූලව යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සෙනෙරත් බණ්ඩාර මහාසංඝරත්නය වෙත ‘චීවරය’ පූජා කළ අතර එම අවස්ථාවට භික්‍ෂුන් වහන්සේලා, යාපනය දිස්ත්‍රික් ලේකම් කේ. මහේෂන් මහතා, ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති, 51 හා 52 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජිව ධර්මරත්න මහතා, නියෝජ්‍ය පොලිස් පරික්‍ෂක, 511 හා 512 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, යාපනය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් සහ බැතිමතුන් රැසක් සහභාගි වූහ.

මෙම උතුම් පූණ්‍යකර්මය යුද්ධ හමුදා මුලස්ථානය විසින් නිකුත් කර ඇත සෞඛ්‍යාරක්‍ෂිත මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකළහ. Sports brands | New Balance 991 Footwear