Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 10:05:28 Hours

දිවයින පුරා ‘රතන සුත්‍රය’ සඡ්ඣායනා කිරීමට ආරක්‍ෂක සේනා මුලස්ථානයන්හි භටපිරිස් සහයෝගය දක්වයි

කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් රට වැසියන්ට සෙත්පතා දිවයිනපුරා ‘රතන සුත්‍රය’ සඡ්ඣායනා කරන මෙන් බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් කරන ලද ඉල්ලීමක අනුව ඉකුත් ඉරිදා (08) දින කිලිනොච්චි ලුම්බිනි විහාරස්ථානයේදී ‘රතන සුත්‍රය’ සඡ්ඣායනා කෙරිණි.

මෙම ආගමික වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් සම්පත් කොටුවේගොඩ ගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සුජීව සෙනරත්යාපා ගේ අධීක්‍ෂණය යටතේ සිදු කරන ලදී. සර්ව රාත්‍රික ධර්ම දේශනාව සඳහා කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මහාසංඝරත්නය වෙත ගෞරවයෙන් යුතුව ආරාධනා කරන ලදී.

එහිදී, මාන්කුලම් ශ්‍රී සුගත විහාරයේ විහාරාධිපති පූජ්‍ය හිඟුරකන්දේ සුමන හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් අනුශාසනාවක් සිදුකිරිමෙන් අනතුරුව පිරිත් සඡ්ඣායනවා ආරම්භ කෙරිණි. සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට මුල්තැනක් දෙමින් පැවැති මෙම ආගමික උත්සවයට 65 හා 66 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, කිලිනොච්චි ඉදිරි නඩත්තු පෙදෙසේ ආඥාපති, බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

එමෙන්ම, මුලතිව් ආරක්‍ෂක සේනා ආඥපති මේජර් ජෙනරල් ජගත් රත්නායක ලබාදුන් උපදෙස් මත 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ලමාහේවා සහ 593 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත පාලම්කුඹුර ගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ ඉකුත් ඉරිදා (08) දින පැවැති පිරිත් සඡ්ඣායනාවකට සිය සහයෝගය දැක්වූහ. සර්ව රාත්‍රික පිරිත් සඡ්ඣායනය සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මහා සංඝරත්නය වෙත ආරාධනා කරන ලදී.

දිවයින පුරා ‘රතන සුත්‍රය’ සඡ්ඣායනා කරන මෙන් බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍ය ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් විසින් කරන ලද ඉල්ලීමක අනුව කෝකිලායි ශ්‍රී සම්බෝධි විහාරයේ විහාරාධිපති හිමිපාණන් ප්‍රමුඛ මහාසංඝරත්නය පිරිත් සඡ්ඣායනය සඳහා වැඩම කෙරිණි.

යුද්ධ හමුදා මුලස්ථානය විසින් නිකුත් කර ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව පැවැත්වූ මෙම උතුම් පුණ්‍යකර්මය සඳහා මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති, 59 වන සේනාංකයේ සේනාංකාධිපති, 593 වන බලසේනාවේ බලසේනාධිපති, අණදෙන නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් සහභාගි වූහ.

මේ අතර, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ලබාදුන් උපදෙස් මත 54 වන සේනාංකයේ භටපිරිස් ඉකුත් ඉරිදා (08) දින මන්නාරම ශ්‍රී මාතොට ඓතිහාසික රජමහා විහාරයේ ‘රතන සුත්‍රය’ සඡ්ඣායනා කිරීම සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය කරන ලදී. කොවිඩ්-19 වෛරසය දිවයිනෙන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් රට වැසියන්ට සෙත්පතා සිදුකරනු ලබන ‘රතන සුත්‍රය’ සඡ්ඣායනයට 54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඉන්ද්‍රජිත් බණ්ඩාර එක්විය.

තවද, මෙම උතුම් පූණ්‍ය කටයුත්තේ සමාරම්භක උත්සවය වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම අවස්ථාවට 541, 542, 543 හා 544 වන බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, 54 වන සේනාංක මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සියලුම අණදෙන නිලධාරීන් සහභාගී වූහ. Best jordan Sneakers | adidas Yeezy Boost 700 , Ietp