Header

Sri Lanka Army

Defender of the Nation

12th November 2020 11:28:09 Hours

පුර්ණ සුවය ලැබු තවත් 646 දෙනෙකු නිවෙස් බලා පිටත් වූ බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (12) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 635 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් අතරින් 10 ක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකකයින් ලෙස වාර්ථා වේ.

අද (12) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරස් ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 11,857 ක් වේ.

අද (12) දින G 9501 දරණ මගී ගුවන් යානය මගින් පකිස්තානයේ සිට පුද්ගලයින් 25 ක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 31 ක් සහ WI 371 දරණ මගී ගුවන් යානය මගින් ඕමාන් සිට පුද්ගලයින් 20 ක් මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමි‍ිණෙන පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (12) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 02 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. එසේම, අද (12) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 29 ක් තුළ පුද්ගලයින් 2,690 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (11) දිනය තුලදී PCR පරික්‍ෂණ 10,207 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 629,315 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (12) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) පුද්ගලයින් 646 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. jordan release date | Sneakers Nike