Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 08:00:26 Hours

උසස්වීම් ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල්වරුන් වෙත රෙජිමේන්තුවේ උපහාරය පිරිනැමේ

අභිනවයෙන් උසස්වීම් ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපලක් වන 55 වන සේනාංකායේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහ 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නිශාන්ත මානගේ වෙත ගෞරවාචාර පිරිනැමීමේ උත්සවයක් එම රෙජිමේන්තු පරිශ්‍රයේදී ඉකුත් සෙනසුරාදා (07) දින පැවැත්විණි.

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සිසිර හේරත් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයන්හි ගෞරවාචාරය පිරිනමන ලදී.

ඉන් අනතුරුව, මේජර් ජෙනරල් සිසිර පිලපිටිය සහ මේජර් ජෙනරල් නිශාන්ත මානගේ මාතෘභූමිය වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය අභියස සහ පරම වීර විභූෂණ ස්මාරකය අභියස පුෂ්පෝපහාර දැක්වූහ.

ඉන් අනතුරුව, එම රෙජිමේන්තු සරඹ භූමියේදී අභිනවයෙන් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපලට වෙන් වෙන් වශයෙන් සම්මාන මුර දෙකක් පිරිනමා රෙජිමේන්තුවෙහි ගෞරවාචාරය පුද කරන ලදී.

තවද, මෙම අවස්ථාව සංකේතවත් කරමින් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙපල අනෙකුත් නිලධාරින් සහ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සමඟ සමුහ ඡායාරූපයන්ට ද එක්වූහ. ඉන් අනතුරුව, සියලුනිල තේපැන් සංග්‍රහයකට එක්වූ එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙත සමරු තිළිණ ද ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසුනිලයින් රැසක් එක්වූහ. latest jordans | Patike – Nike Air Jordan, Premium, Retro Klasici, Sneakers , Iicf