Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 10:15:23 Hours

ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කරයි

පියුරිටාස් පුද්ගලික සමාගමේ නියෝජිතයින් කිහිපදෙනෙකු අඟහරුවාදා (10) දින උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මුඛ ආවරණ තොගයක් පරිත්‍යාග කරන ලදී. ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා මේ වසර තුළ මුඛ ආවරණ 14,000 ක් අවස්ථා 5 කදි ප්‍රදානය කර ඇත.

හුස්ම ගැනිමේ දී ඇතිවිය හැකි අපහසුතා මඟහරිමින් තෙතමනය රඳා නොපවතින අයුරින් නිෂ්පාදනය කර ඇති මෙම මුඛ ආවරණ 100% ක්ම ශ්‍රී ලාංකික නිෂ්පාදනයකි. නැවත නැවත භාවිතා කිරීමේ හැකියාව ඇති මෙම මුඛ ආවරණ පළදින්නාට බැක්ටීරියා සහ වෛරස ආසාදනය වීම අවම මට්ටමක පවතින මෙම මුඛ ආවරණය විෂබීජ ප්‍රේරණය වීමේ කාර්යක්‍ෂමතාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් රසායනාගාරයන්හි පර්යේෂණවලට ලක් කර එහි ආරක්‍ෂාව තහවුරු කර ඇත.

විෂබීජ ප්‍රේරණය පිළිබඳ 100% ක්ම රසායනාගාරවල පරික්‍ෂණ මගින් තහවුරු කළ විශේෂයෙන්ම ක්‍රීඩා කටයුතුවල නිරතවන්නන්ට වඩාත් යෝග්‍ය මෙම මුඛ ආවරණ තොගය පරිත්‍යාග කිරීම වෙනුවෙන් ගෞරවය සහ ස්තූතිය පළ කරන බව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

මෙම අවස්ථාවට පියුරිටාස් පුද්ගලික සමාගමේ විධායක නිලධාරි (Logistics) එශාන් සමරසිංහ මහතා, පියුරිටාස් පුද්ගලික සමාගමේ කළමනාකරු (සක්‍රිය කාබන් නිෂ්පාදන) චන්න විජේතුංග මහතා, පියුරිටාස් පුද්ගලික සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මනුර වික්‍රමසිංහ මහතා සහභාගී වූහ. latest Nike release | UOMO, SCARPE