Header

Sri Lanka Army

Defender of the Nation

11th November 2020 06:42:26 Hours

මඩකලපුව ප්‍රදේශයේ පළමු කොවිඩ්-19 ක්‍රියාන්විත මැදිරිය ස්ථාපිත කරයි

නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 231 වන බලසේනා මුලස්ථානයේ සහයෝගය ඇතිව කොවිඩ්-19 වෛරසය පැතිරයාමත් සමඟ ඇතිවිය හැකි ඕනෑම ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණදීම සඳහා, කොවිඩ්-19 ක්‍රියාන්විත මැදිරියක් මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේදී ඉකුත් සඳුදා (09) දින ස්ථාපිත කරන ලදී.

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති, 23 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 231 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ ඉදිකරනු ලැබූ මෙම ක්‍රියාන්විත මැදිරිය පැය 24 පුරා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරුන්, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජිතයින්, මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ නිලධාරීන්, 231 බලසේනාවේ නිලධාරීන් ඇතුළු තවත් වගකිවයුතු ආයතන කිහිපයක නිලධාරීන් විසින් මෙහෙයවනු ලැබේ.

පසුගිය සඳුදා (09) දින උදෑසන පැවැති සමාරම්භක උත්සවයට එක්වූ මඩකලපුව දිස්ත්‍රික් ලේකම්, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ, මඩකලපුව ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ ඇතුළු රජයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙහෙයුම් මැදිරිය ස්ථාපිත කිරීම සඳහා භටපිරිස් දැක්වූ සහයෝගය ප්‍රශංසාවට ලක් කළහ. Best Authentic Sneakers | Air Jordan 1 Retro High OG 'University Blue' — Ietp