Header

Sri Lanka Army

Defender of the Nation

10th November 2020 11:05:28 Hours

සම්පුර්ණ සුවය ලැබු තවත් පුද්ගලයින් 595 දෙනෙකු රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (10) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 356 ක් හඳුනාගෙන තිබෙනවා. එම පුද්ගලයන් 356 දෙනා දේශියව හඳුනාගත් පුද්ගලයන් ලෙස වාර්ථා වේ.

අද (10) උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 10,807 ක් වේ. ඒ අතරින්, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින් 1,041 ක්, පෑලියගොඩ මාළු වෙළඳපොළෙන් පුද්ගලයින් 1,007 ක් සහ ඉතිරි පුද්ගලයින් 8,759 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළඳපලේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වේ.

අද (10) දින උදෑසන EY 264 දරණ මගී ගුවන් යානය මගින් ඩුබායි සිට පුද්ගලයින් 16 ක්, QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 12 ක් සහ UL 218 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 06 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත. අද (10) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් 38 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි. ඒ අනුව, සිට්රස් වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙකු, හොටෙල් ජෙට්වින් බ්ලු නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 02 ක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන බුවනෙක නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 35 ක් වශයෙන් වේ. එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද (10) දිනය වනවිට පුද්ගලයින් 64,075 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

එසේම, අද (10) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 27 ක් තුළ පුද්ගලයින් 2,362 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (09) දිනය තුලදී PCR පරික්‍ෂණ 7,986 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 610,836 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (10) දින උදෑසන 0600 වනවිට (පසුගිය පැය 24 තුළ) පුද්ගලයින් 595 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් ලෙස වාර්තා වේ. bridgemedia | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ