Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2020 14:03:04 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වව්නියාවේ බෞද්ධ භික්‍ෂූන් බැහැදකී

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා පසුගිය බ්‍රහස්පතින්දා (05) දින වව්නියා ප්‍රදේශයේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපතිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

මෙහිදී, එතුමන් ශ්‍රී බෝධිදක්‍ෂිණාරාමය, මඩුකන්ද ශ්‍රී දළඳා විහාරය සහ ඇටඹගස්කන්ද ශ්‍රී සුදර්ශණාරාම විහාරය වෙත සංචාරය කළේය. සංචාරය අතරතුර එම විහාරස්ථානයන්හී විහාරාධිපතිවරුන් හමුවී සහජීවනය, ආගමික සමගිය සහ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තිය වැළැක්වීම ඇතුළු කරුණු කිහිපයක් සමඟ අදහස් හුවමාරු කරගත්හ.

මෙම සංචාරය සඳහා වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සහ 56 වන සේනාංකයේ ජ්‍යෙෂ්ට නිලධාරින් කිහිපදෙනෙක් ද සහභාගී වූහ. Adidas shoes | Men’s shoes