Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2020 09:15:48 Hours

142 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

142 වන බලසේනාවේ 37 වන බලසේනාධිපති ලෙස බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු කොහුවල පිහිටි එම මූලස්ථානයේ දී පසුගිය සඳුදා (02) දින ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි ආරම්භ කළේය. එම අවස්ථාව සඳහා එම බලසේනාවේ ජ්‍යෙෂ්ට නිලධාරින් ද එක්වූහ.

එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි නව බලසේනාධිපතිතුමන් එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 14 වන විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූහ.

මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සියළු නිල තේ පැන් සංග්‍රහයකට එක් වූ බලසේනාධිපතිතුමන් නිලධාරින් සහ සෙසු නිලයින් ඇමතීම ද සිදුකළේය. එම අවස්ථාව සඳහා අණදෙන නිලධාරින් සහ බලසේනා කාර්ය මණ්ඩල සාමාජිකයින් ද එක්වූහ.

මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු ගුවන් සංග්‍රාමික බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි ඉටුකළේය.

බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රනාන්දු මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් උපාලි ගුණසේකර 142 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි ඉටු කළ අතර එතුමන් මේ වනවිට නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි සිදුකරයි. latest Running | ナイキ エア マックス エクシー "コルク/ホワイト" (NIKE AIR MAX EXCEE "Cork/White") [DJ1975-100] , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!