Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2020 09:30:48 Hours

සන්නාහ සන්නද්ධ නිවහනේ ප්‍රධාන දොරටුව අභියස ටී - 55 යුද ටැංකි අනුරුවක් නිරාවරණය කෙරේ

රොක් හවුස් පිහිටි සන්නාහ සන්නද්ධ නිවහනේ ප්‍රධාන දොරටුව අභියස දී ටී - 55 යුද ටැංකි අනුරුවක් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රතාප් තිලකරත්න විසින් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින නිරාවරණය කළේය.

සන්නාහ සන්නද්ධ බලකායේ අනන්‍යතාවය තහවුරු කිරීමේ අරමුණින් එම අනුරුව එම පරිශ්‍රයේ ස්ථාපිත කිරීමේ අවස්ථාව සෞඛ්‍යාරක්‍ෂක මාර්ගෝපදේශවලට අනුකූලව සිදුකෙරිණි.

මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් සමන්ත සිල්වා, බ්‍රිගේඩියර් අතුල ආරියරත්න, සන්නහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් තාරක රත්නසේකර සමඟින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සුමිත් දේවප්‍රිය ඇතුළු ජ්‍යෙෂ්ට නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ද සහභාගී වූහ. Buy Sneakers | Sneakers Nike