Header

Sri Lanka Army

Defender of the Nation

08th November 2020 10:15:48 Hours

52 වන සේනාංකයේ නව සේනාංකාධිපති එම මූලස්ථානය වෙත උණුසුම් අයුරින් පිළිගැනේ

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ නව සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ මිරුසුවිල් ප්‍රදේශයේ පිහිටි එම සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී පසුගිය බ්‍රහස්පතින්දා (05) දින හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමමින් පිළිගනු ලැබීය.

එහිදී, නව සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්විය.

මෙම අවස්ථාව සඳහා 52 වන සේනාංකය යටතේ සේවය කරන සියලු බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරින් සහභාගී වූහ. Sport media | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals