Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2020 14:00:04 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති බලප්‍රදේශයේ සංචාරයක

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ජගත් රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (05) දින එම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයේ සහ එම බලප්‍රදේශයේ පිහිටි ඒකකයන්හී සංචාරයක නිරත විය.

59 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි ආඥාපතිතුමන් එම සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් මනෝජ් ළමාහේවා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකය විසින් සිදුකරනු ලබන මෙහෙයුම් සඳහා භටපිරිස් යෙදවීම පිළිබඳව ආඥාපතිතුමන් දැනුවත් කළේය.

ඉන් අනතුරුව, එතුමන් 591, 592 සහ 593 වන බලසේනාවන්හී සංචාරය කළ අතර එම බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් විසින් මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් උණුසුම් අයුරින් පිළිගත්හ. එමෙන්ම, 19 වන ගැමුණු හේවා බලකාය, 23 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 12 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 5 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 24 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත ද සිය සංචාරය සිදු කළේය. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුකරනු ලැබූ මෙම සංචාරයේදී මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් යුද්ධ හමුදා භටපිරිස්හී භටනිවාස සහ මාර්ග බාධක රාජකාරි සඳහා යෙදවීම පිළිබඳව ද සොයා බැලුවේය.

මෙම සංචාරයන් සඳහා බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ට නිලධාරින් සහ අනෙකුත් නිලධාරින් ද සහභාගී වූහ. Running sport media | Nike