Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2020 14:10:04 Hours

22 වන සේනාංකයේ භටපිරිස් කොවිඩ් - 19 වෛරසය පිළිබඳ මහජනතාව දැනුවත් කරයි

කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේශණය වීම වැළැක්වීමේ අරමුණින් මහජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගිය බ්‍රහස්පතින්දා (05) දින ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ පොදු ස්ථාන වලදී යුද්ධ හමුදා භටපිරිස්හී දායකත්වයෙන් සිදුකරන ලදී.

22 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් චන්න වීරසූරිය ගේ උපදෙස් සහ 221, 222 සහ 223 බලසේනාවන්හී බලසේනාධිපතිවරුන්ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්වුණු මෙම වැඩසටහනේදී කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ ක්‍රියාමාර්ග සහ එම වෛරසයෙන් පුද්ගලයින්ගේ සෞඛ්‍යයට සිදුකරන අහිතකර බලපෑම ආදී කරුණු රැසක් පිළිබඳ ඔවුන් දැනුවත් කෙරිණි.

6 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය, 15 වන ශ්‍රී ලංකා පාබල හමුදාව, 22 වන විජයබාහු පාබල රෙජිමේන්තුව සහ 2 වන (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුව විසින් අග්බෝපුර, කන්තලේ, තඹලගමුව, වෙරුගල්, සේරුනුවර සහ ත්‍රීකුණාමලය ප්‍රදේශයන්හී පොදු ස්ථාන තුලදී මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. latest Nike Sneakers | NIKE HOMME