Header

Sri Lanka Army

Defender of the Nation

06th November 2020 14:17:04 Hours

ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

පනාගොඩ පිහිටි ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගජබා රෙජිමේන්තුවේ බ්‍රිගේඩියර් මොහාන් රත්නායක පසුගිය බ්‍රහස්පතින්දා (05) ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හෙබවූ බ්‍රිගේඩියර් ලාල් චන්ද්‍රසිරී මේ වනවිට යුද්ධ හමුදා මූලස්ථානයේ සමස්ථ ආරක්‍ෂක සම්බන්ධීකරණ නිලධාරි වශයෙන් රාජකාරි සිදුකරයි.

මෙම අවස්ථාවට සහභාගී වූ එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරින් සහ සෙසු නිලයින් නව අධ්‍යක්‍ෂතුමන් වෙත සිය සුබපැතුම් ද පිරිනැමූහ.

බ්‍රිගේඩියර් මොහාන් රත්නායක මෙම තනතුරට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ ගමන් හා පාලන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස රාජකාරි සිදුකරන ලදී. Nike Sneakers Store | New Releases Nike