Header

Sri Lanka Army

Defender of the Nation

31st October 2020 15:06:43 Hours

532 වන බලසේනාවේ නව බලසේනාධිපති රාජකාරි අරඹයි

532 වන බලසේනාවේ 11 වන බලසේනාධිපති ලෙස කර්නල් සමන් සේනාරත්න ඉකුත් සඳදා (26) දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ආගමික වතාවත් මධ්‍යයේ රාජකාරි භාරගත්තේය.

532 වන බලසේනා මූලස්ථානය වෙත සපැමිණි නව බලසේනාධිපති එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව 4 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනැමූහ. රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් නව බලසේනාධිපති කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

කර්නල් සමන් සේනාරත්න මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම 641 වන බලසේනාවේ බලසේනාධිපති ලෙස රාජකාරි කළේය.

ඉන් අනතුරුව, පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයෙන් එදින වැඩසටහනේ අවසානය සනිටුහන් වූ අතර, එම අවස්ථාව සඳහා එම බලසේනාවට අයත් අණදෙන නිලධාරින්, බලසේනා කාර්ය මණ්ඩලය සහ සෙසු නිලයින් ද සහභාගී වූහ. jordan Sneakers | adidas poccnr jumper dress pants size