Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2020 11:35:13 Hours

ඉන්දියානු ආරක්‍ෂක උපදේශක නැගෙනහිර ආඥාපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) ඉකුත් අඟහරුවාදා (20) දින නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර එහිදී නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් චින්තක ගමගේ හමුවී සුහද පිළිසඳරක නිරත විය.

ආරක්‍ෂක සේනා මුලස්ථානය වෙත සපැමිණි කපිතන් විකාස් සූඩ් (Captain Vikas Sood) නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් ශිරන්ත දිසානායක විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

මෙම ජ්‍යෙෂ්ට නිලධාරින් දෙපළ අතර පැවති මෙම සුහද හමුවේදී ද්වීපාර්ශ්වික සහ අන්‍යොන්‍ය සහයෝගිතාවය සබැඳි කරුණු පිළිබඳ සුහදව අදහස් හුවමාරු කරගත් අතර මෙම හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. Sports brands | FASHION NEWS