Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2020 11:55:13 Hours

පූර්ණ සුවය ලැබූ තවත් පුද්ගලයින් 44 දෙනෙකු සිය නිවෙස් වෙත පිටත්ව ගිය බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

අද (22) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 167 ක් හඳුනාගෙන ඇත. එම පුද්ගලයින් 167 දෙනා අතරින් එක් පුද්ගලයෙකු (01) ඉතියෝපියාවේ සිට මෙරටට පැමිණ වැලිසර ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් පුද්ගලයෙකු ලෙස වාර්ථා වේ.

එසේම, දේශීයව හඳුනාගත් පුද්ගලයින් 166 ක් සිටින අතර, ඔවුන් සියලුදෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් වේ.

මිනුවන්ගොඩ ඇගළුම් කම්හලේ කොවිඩ් පොකුරේ අද (22) දින උදෑසන වන විට සම්පූර්ණ ආසාදිතයින් සංඛ්‍යාව 2,510 දෙනෙකු වේ. ඉන් පුද්ගලයින් 1,207 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර අනෙක් පුද්ගලයින් 1,303 දෙනා එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් වේ.

අද (22) දින උදෑසන QR 668 දරණ මගී ගුවන් යානය මගින් දෝහා කටාර් සිට පුද්ගලයින් 29 ක් මෙරටට පැමිණ ඇත. එසේ පැමි‍ණි පුද්ගලයින් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අද (22) දිනය තුළදී ද ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 165 ක් තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතව ඇත. ඒ අනුව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 13 ක්, රුවල කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04 ක්, ආයුර්වේද රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 05 ක්, බියගම විලේජ් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 10 ක්, හොටෙල් ජෙට්වින් බ්ලූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 04 ක්, කැම්ලට් බීච් නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 13 ක් සහ බ්‍රැන්ඩෙක්ස් පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 116 ක් වශයෙන් වේ.

එසේම, අද (22) දිනය වනවිට පුද්ගලයින් 56,112 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, අද (22) දිනය වනවිට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 69 ක් තුළ පුද්ගලයින් 7,754 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

ඊයේ (21) දිනය තුලදී PCR පරික්‍ෂණ 8,568 ක් සිදුකර ඇති අතර, මේ වනවිට ශ්‍රී ලංකාව තුළ PCR පරික්‍ෂණ 406,466 ප්‍රමාණයක් සිදුකර ඇත.

අද (22) දින උදෑසන 0600 වනවිට පුද්ගලයින් 44 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර, එම පුද්ගලයින් 44 දෙනා අතරින් පුද්ගලයින් 04 දෙනෙකු විදේශිය රටවලින් මෙරටට පැමිණ නිරෝධායන කටයුතු වල නිරතව සිටි පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 40 දෙනා මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල පොකුරට අයත් පුද්ගලයින් ලෙස වාර්ථා වේ. Running Sneakers Store | adidas Yeezy Boost 700 , promo code for adidas shoes india delhi today