Header

Sri Lanka Army

Defender of the Nation

21st October 2020 16:04:03 Hours

මිහිදු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ විරෝදාර රණවිරුවෙකු දැයෙන් සමුගනී

වර්ෂ 2008 සැප්තැම්බර් මස 29 වන දින කුරිරු ත්‍රස්තවාදීන් විසින් විශ්වමඩු ප්‍රදේශයේදී එල්ල කල ප්‍රහාරයකින් හිසට බරපතල තුවාල සිදුවී වසර 11 කට අධික කාලයක් අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි 11 ශ්‍රී ලංකා පාබල හමුදාවේ කෝප්‍රල් එච්.ඩි.ඩි ප්‍රසන්න අද (21) දින උදෑසන දැයෙන් සමුගත් බව යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය නිවේදනය කරයි.

මානුෂිය මෙහෙයුමේදී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් එල්ල කළ මෝටාර් ප්‍රහාරයකට හසුවී බරපතල තුවාල ලබා වසර ගණනාවක් එක්තැන්වී ප්‍රතිකාර ලබමින් සිටි හාලිඇල පදිංචි කෝප්‍රල් එච්.ඩී.ඩි. ප්‍රසන්න (32) අත්තිඩිය මිහිදු සෙත් මැදුරේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ පළමු විරෝදාර රණවිරුවා වේ. එම ප්‍රහාරයෙන් හිසට බරපතල තුවාල සිදුවී වසර ගණනාවක් ප්‍රතිකාර ලබමින් සිටි කෝප්‍රල් එච්.ඩී.ඩි. ප්‍රසන්න ගේ සෞඛ්‍ය තත්ත්වය අයහපත්වීම හේතුවෙන් දින කිහිපයකට පෙර ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත ඇතුලත් කෙරිණි.

අද (21) දින උදෑසන මිහිදු සෙත් මැදුර භාර නිලධාරී සමඟ කොළඹ යුද්ධ හමුදා රෝහල වෙත සපැමිණි පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ශිරාන් අබේසේකර අභාවප්‍රාප්ත වූ කෝප්‍රල් එච්.ඩී.ඩි. ප්‍රසන්න ගේ පවුලේ සාමාජිකයින්, විධායක ජෙනරාල් ශාඛාව සහ පනාගොඩ පිහිටි ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මුලස්ථානය සමඟ එක්ව අවමංගල්‍ය උත්සව කටයුතු සැලසුම් කළහ. ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායකගේ උපදෙස් මත රට දැය වෙනුවෙන් උදාර සේවයක් කර දිවිපිදු කෝප්‍රල් එච්.ඩී.ඩි. ප්‍රසන්න ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇත. latest Running | 【国内4月24日発売予定】ナイキ ウィメンズ エア アクア リフト 全2色 - スニーカーウォーズ